Read Online in Sinhala
Table of Content
පෙරවදන සහ අන්තර්ගතයන්
මූලික තොරතුරු
වකුගඩු අක්‍රියවීම
වෙනත් ප්‍රධාන වකුගඩු රෝගාබාධ
ආහාර ආශ්‍රිත වකුගඩු ආබාධය

කතුවරුන් ගැන

වෛද්‍ය සන්ජේ පාන්ඩියා M.D. D.N.B. (වෘක්කවේදී), වෘක්කවෙද විශේෂඥ

වෛද්‍ය සන්ජේ පාන්ඩියා ජ්‍යෙෂ්‍ඨ වෘක්කවෙද විශේෂඥ වෛද්‍යවරයකු ලෙස රජ්කොත්හි (ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ) කටයුතු කරනු ලබයි. එතුමා තම M.D. (අභ්‍යාන්තර ඖෂධ) වෛද්‍ය උපාධිය හදාරන්නේ 1986 වසරේ ගුජරාටියේ ජම්නගර්හි පිහිටි එම්. පී. ෂා වෛද්‍ය විද්‍යාලයෙනි. ඉන් අනතුරුව 1989 වසරේ අහමදාබාද්හි පිහිටි වකුගඩු රෝග පර්යේෂණ මධ්‍යස්ථානයෙන් ඩී. එන්. බී. වෘක්කවේදී උපාධිය ලබන එතුමා 1990 වසරේ සිට වෘක්කවේදී විශේෂඥ වෛද්‍යවරයකු ලෙස ඉන්දියාවේ රජ්කොත් (ගුජරාටි ප්‍රාන්තය) හි කටයුතු කරනු ලබයි.

වෛද්‍ය පාන්ඩියා වකුගඩු රෝග අධ්‍යාපනයේ පුරෝගාමී මෙහෙයක් සිදුකරයි. රෝගීන් හට ඉංග්‍රීසි, හින්දි, ගුජරාටි හා කුට්චී බසින් ලියා පලකල “වකුගඩු පොත” නමැති ග්‍රන්ථයේ කර්තෘ ඔහුය. “වකුගඩු අධ්‍යාපන පදනම” පිහිටුවාලමින් වකුගඩු සුරැකීමට දැනුවත් භාවය ඇතිකෙරෙන වැඩසටහන් රැසක් පවත්වාගෙන යමින් වකුගඩු ආබාධ වැළැක්වීමට හා පාලනයට සුවිසල් කාර්යභාරයක් සිදුකරයි.

ලෝකයේ විවිධ ප්‍රදේශ වලින් කැපවූ වෘක්කවේදී වෛද්‍ය කණ්ඩායමකගේද සහාය ඇතිව, වකුගඩු රෝගීන් සඳහා අධ්‍යාපනීක පොත් භාෂා 20 කට වැඩි ප්‍රමාණයක් සකස් කර ඇත.

ලෝකයේ විවිධ රටවල ජනතාව හා වකුගඩු රෝගීන් උපරිම සංඛ්යාවකට උදව් කිරීම පිණිස, www.KidneyEducation.com වෙබ් අඩවිය වෛද්‍ය පාන්ඩියා සහ ඔහුගේ කණ්ඩායම විසින් ආරම්භ කර ඇත. මෙම වෙබ් අඩවියෙන් පිටු 305 කින් සමන්විත වකුගඩු පොත, භාෂා 20 කට වඩා වැඩි ප්‍රමාණයකින් නොමිලේ බාගත හැක. මෙම වකුගඩු වෙබ් අඩවිය ඉතා ජනප්‍රිය වන අතර, මුල් මාස 60 තුළ වැදුම් මිලියන 21 කට වඩා වැඩි ප්‍රමාණයක් ලබාගෙන ඇත.

වෛද්‍ය සුර්ජිත් සෝමයියා M.B.B.S, D.N.B.E (Med), D.N.B.E (Neph)

වෛද්‍ය සුජිත් සෝමයියා 1987 දී ඉන්දියාවේ, බැංගලෝර් විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය හදාරා ඇත. ඉන් අනතුරුව 1993 දී බැංගලෝර්හි ශාන්ත ජෝන් වෛද්‍ය විද්‍යාලයෙන් විශේෂඥ වෛද්‍ය වරයෙකු (සාමාන්‍ය වෛද්‍ය) ලෙස සහ 1998 දී චෙන්නායිහි ඇපලෝ රෝහල් වෙතින් වෘක්කවේදී විශේෂඥ දැනුම ලබා ඇත. මෙම සථාන දෙකම නව දිල්ලියේ ජාතික මණ්ඩලයේ මාණ්ඩලීක සහතික ලබා ඇත.

වෛද්‍ය සෝමයියා තිරුපතිහි ශ්‍රී වෙන්කටේශ්වර වෛද්‍ය විද්‍යායතනයේ වෘක්කවේදය පිළිබඳ රෙජිස්ටාර් ලෙස සහ චෙන්නායිහි ඇපලෝ රෝහල්හි නේවාසික වෘක්කවේදියෙකු ලෙස සේවය කර ඇත. ඔහු 2002 වසර දක්වා ශාන්ත ජෝන් වෛද්‍ය විද්‍යාල සහ රෝහල්හි වෘක්කවේදය පිළිබඳ කථිකාචාර්යවරයෙකු ලෙස හා සහකාර මහාචාර්යවරයෙකු ලෙසද සේවය කර ඇත.

වෛද්‍ය සෝමයියා කොළඹ ඇපලෝ (ලංකා) රෝහලේ දශකයකට වැඩි කාලයක් වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ උපදේශක වශයෙන් කටයුතු කරයි. ඔහු වෘක්කවේද හා වකුගඩු බද්ධ කිරීමේ සමිති සමාගම් කිහිපයකම සාමාජිකයෙකි. ශ්‍රීලංකාවේ රෝගීන් සඳහා වකුගඩු රෝග පිළිබඳ විස්තරාත්මක පොතක් අවශ්‍යය බව ඔහු මැනවින් දැන ගත්තේ "ලංකා හොස්පිටල්ස්" හි රෝගීන් සමඟ අන‍්නෝන්‍ය සම්බන්ධතාවයකින් ක්‍රියා කිරීමේ ප්‍රථිපලයක් වශයෙනි.

ඔහු පුහුණුව ලබා ඇත්තේ ලොකප්‍රකට ගුරුවරුන් වන ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් DCහි පිහිටි ජෝර්ජ් වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ වකුගඩු රෝග දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන වෛද්‍ය ඩොමිනික් සවියෝ රාජ් සහ චෙන්නායිහි පිහිටි ඇපලෝ රෝහලේ වකුගඩු රෝග විශේෂඥ විශ්‍රාමික වෛද්‍ය එම්.කේ. මානි යන වෛද්‍ය වරුන්ගෙන්ය.