Read Online in Sinhala
Table of Content
පෙරවදන සහ අන්තර්ගතයන්
මූලික තොරතුරු
වකුගඩු අක්‍රියවීම
වෙනත් ප්‍රධාන වකුගඩු රෝගාබාධ
ආහාර ආශ්‍රිත වකුගඩු ආබාධය

පොත ගැන


"ඔබගේ වකුගඩු සුරකිමු"
යන පොත, වකුගඩු රෝග වැළැක්වීම සඳහා සහ වකුගඩු රෝගීන්ව දැනුවත් කිරීම පිණිස සිංහළ භාෂාවෙන් ලියන ලද පොතකි.

වකුගඩු රෝග පැතිරීම ඉතා වේගවත් ලෙස ඉහළ යමින් පවතින අතර සමාජය තුළ රෝගය පිළිබඳ ඇති දැනුවත්භාවය ඉතා අඩුය. නිදන්ගත වකුගඩු රෝගය උග්‍ර අදියරට පත්වූ පසු ප්‍රතිකාර වියදම් දරා ගැනීමට බැරි තරම් ඉහළය. ඒ නිසා රෝගය වැළැක්වීම සහ මුල් අචස්ථාවේදීම රෝග විනිශ්චය කිරීම ඉතා අවශ්‍යය.

"ඔබගේ වකුගඩු සුරකිමු" යන පොත වෛද්‍ය සුර්ජිත් සෝමයියා සහ වෛද්‍ය සංජේ පාණ්ඩියා විසින් ලියන ලද සියලු ප්‍රධාන වකුගඩු රෝගාබාධ සහ ප්‍රශ්න පිළිබඳ සම්පූර්ණ, සංයුක්ත සහ ප්‍රයෝගික මාර්ගෝපදේශකයකි.

මේ පොතේ අන්තර්ගතය කොටස් දෙකකට බෙදා ඇත. පළමු කොටසේ වකුගඩු හා ප්‍රධාන වකුගඩු රෝග පිළිබද මූලික තොරතුරු මෙන්ම රෝග නිවාරණය පිළිබදවද අඩංගු වේ. පළමු කොටස, රෝගය පිළිබඳ දැනුවත්භාවය අගයන සියලූ පුද්ගලයන් සඳහා ඉලක්ක වී ඇත.

දෙවන කොටසේ අඩංගු වී ඇත්තේ සෑම රෝගියෙකුටම හා ඔහුගේ පවුලේ සැමට දැන ගැනීමට අවශ්‍යය වන පොදු වකුගඩු රෝගයේ කල්තියා රෝග නිර්ණය, ප්‍රවේසම්වීම සහ ප්‍රතිකාරය පිළිබඳ මූලික තොරතුරුය.

මෙම පොත සාදා ඇත්තේ විශාල අත්දැකීම් සහිත කතුවරුන් විසින් වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කිරීම පිණිසය. එම නිසා මෙම පොත වකුගඩු රෝගීන් විසින් තමන්ගේ රෝගය පිළිබඳ සහ සාමාන්‍ය පුද්ගලයන් විසින් වකුගඩු ආබාධ වැළැක්වීම පිළිබඳ නිතරම අසන සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයයි.

පොත විස්තර

"ඔබගේ වකුගඩු සුරකිමු"
ප්‍රකාශන දිනය : 2017
කතෘන් : වෛද්‍ය සුර්ජිත් සෝමයියා
වෛද්‍ය සංජේ පාණ්ඩියා

ආකෘතිය : cඅත්පොත, දැඩි කඩදාසි, 326 පිපි
සංස්කරණය විස්තරය : පළමු