Read Online in sinhala
Table of Content
පෙරවදන සහ අන්තර්ගතයන්
මූලික තොරතුරු
වකුගඩු අක්‍රියවීම
වෙනත් ප්‍රධාන වකුගඩු රෝගාබාධ
ආහාර ආශ්‍රිත වකුගඩු ආබාධය

පෙරවදන සහ අන්තර්ගතයන්

ඔබගේ වකුගඩු සුරකිමු

වකුගඩු රෝග වළක්වා ගැනීම සහ ප්‍රතිකාර
පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු




වෛද්‍ය සුර්ජිත් සෝමයියා

MBBS,DNB(Med) D.N.B.(Nephro)
වෘක්කවේද වෛද්‍ය විශේෂඥ
කොළඹ, ශ්‍රීලංකාව




වෛද්‍ය සන්ජේ පාන්ඩියා

MBBS, MD (Med), DNB (Nephrology)
වෘක්කවේද වෛද්‍ය විශේෂඥ
රජ්කොත්, ඉන්දියාව

ඔබගේ වකුගඩු සුරකිමු

ප්‍රකාශක
සාමපරන් වෘක්ක පදනම,
සාමපරන් රෝහල ,
බුත්ඛනා චෝවක්,
රාජ්කොත් 360002 (ගුජරාති, ඉන්දියාව)

විද්යුත් තැපෑල :[email protected]

© සාමපරන් වෘක්ක පදනම,

සියලු හිමිකම් ඇවිරිණි. මෙම පොතේ කිසිම කොටසක් කිසිම ආකාරයකින් හෝ විද්යුත් හෝ යාන්ත්‍රීක වශයෙන් සහ තොරතුරු ගබඩා කිරීම සහ සමුද්‍රණ පද්ධති ඇතුළුව උපුටා දැක්වීම, ප්‍රකාශකයාගේ ලිඛිත අවසරයකින් තොරව කළ නොහැක. මෙම පොත ඉන්දියාවේ ප්‍රකාශයට පත් කිරීම සඳහා වන අතර, ප්‍රකාශකයාගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව අපනයනය කළ නොහැකිය. මතභේදයක් ඇති වුවහොත් සියලු නීතිමය කටයුතු රාජ්කොට් අධිකරණ බලය යටතේ පමණක් නිරාකරණය කළ යුතුය.


පළමු සංස්කරණය: 2016


කර්තෘ
වෛද්‍ය සුර්ජිත් සෝමයියා
MBBS,DNB(Med), D.N.B.(Nephro),
වෘක්කවේද වෛද්‍ය, විශේෂඥ






මෙම පොත සියලුම වකුගඩු
රෝගීන් සහ ඔවුන්ගේ පවුලේ සැම වෙත
උතුම් වූ මානව දයාවෙන් පිළිගැන්වේ






අප වකුගඩු ආබාධ වළක්වාගමු...

"ඔබේ වකුගඩු සුරකින්න" යන පොත වකුගඩු රෝග පිළිබඳව මූලික අවබෝධයක් හා එය වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ ලබා දීමට උත්සාහ කෙරේ.

ගෙවුණු දශක කිහිපයේ දී වකුගඩු ආබාධයට ලක්වීම්‍ තැති ගන්වන සුළු ලෙස ශීඝ්‍රයෙන් ඉහල ගොස් ඇති බව පෙනී යන කරුණකි. මෙම වකුගඩු රෝග වැළැක්වීම සඳහා හේතු, රෝග ලක්ෂණ හා ක්‍රම පිළිබඳව දැනුවත් වීම මෙලෙස රෝගී වන පිරිස් ඉහළ යාම මර්දනය කිරීමේ ප්‍රමුඛ පියවරක් වේ. මෙම පොත මගින් සියලු දෙනාටම තේරුම් ගැනීමට පහසු වන පරිදි ඉතා සරල බසින් සැලකිය යුතු තොරතුරු ප්‍රමාණයක් ලබා දීම අපගේ නිහතමානී උත්සාහයකි.

කල් ඇතිව කරන රෝග නිර්ණය සහ ප්‍රතිකාර ඉතා ප්‍රයෝජනවත් වන අතර එයින් අඩු වියදමකින් දිගු කාලීන ප්‍රතිලාභ ලබා ගත හැකි වේ. රෝගය පිළිබඳ දැනුවත් භාවය මද වීමෙන් වකුගඩු රෝගයක් බවට පෙන්නුම් කරන ලකුණු හා රෝග ලක්ෂණ හඳුනා ගැනීමේ හැකියාවක් ඇත්තේ ඉතා සුළු මිනිසුන් සංඛ්‍යාවකට පමණක්ය. ඉන් ඇති වන අන්තරාදායක ප්‍රමාදය නිසා රෝගය කල් තියා හඳුනා ගැනීමට අපහසු වේ. අවසන් අදියර නිදන්ගත වකූගඩු රෝගයේ ප්‍රතිකාර වන රුධිර කාන්දුකරණය සහ වකූගඩු බද්ධ කිරීම මිල අධික බැවින් ඉන්දියාව වැනි රටක මෙය දැරිය හැක්කේ 10%ට අඩු රෝගීන් සංඛ්‍යාවකට පමණි. ඒ නිසා කල් ඇතිව කරන රෝග නිර්ණය සහ ප්‍රතිකාරය අපේ රටේ නිදන්ගත වකුගඩු රෝගය වැඩිවීම පාලනය කිරීමට ඇති එකම ශක්යතා විකල්පයයි.

රෝග විනිශ්චයේදී පුද්ගලයෙකු වකුගඩු රෝගයෙන් පෙලෙන බව අනාවරණය වූ විට, රෝගියා හා ඔහුගේ පවුලේ අය ස්වභාවිකව බරපතල ලෙස කනස්සල්ලට පත් වේ. එහි දී වකුගඩු රෝගීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් රෝගය ගැන සෑම දෙයක්ම දැන ගැනීමට කැමති වෙයි. නමුත් ප්‍රතිකාර කරන වෛද්‍යවරයාට සවිස්තර තොරතුරු විශාල ප්‍රමාණයක් ලබාදීම ප්‍රායෝගීකව කළ හැකි නොවේ. එහෙයින් මෙම ග්‍රන්ථය එලෙස රෝගියා හා වෛද්‍යවරයා අතර වන රෝග අවබෝධය පිලිබදව වන දුරස්ථභාවය බිද හෙළීමට උපකාර වනු ඇත. කෙසේ වෙතත්, පහසු වේලාවක කියවා බැලීමට තොරතුරු ඇති පොතක් ලඟ තබා ගෙන අවශ්‍ය සෑම වෙලාවටම එය වෙත යොමු වීම ප්‍රයෝජනවත් වේ. එහි විවිධ වකුගඩු රෝග සම්බන්ධව ඇතිවන රෝග ලක්ෂණ, රෝග නිර්ණය, නිවාරණය හා ප්‍රතිකාර ක්‍රම පිළිබඳ සියලූ මුලික තොරතුරු සරල හා පහසු භාෂාවෙන් සපයයි. එකිනෙකට වෙනස්වන වකුගඩු ආබාධ සම්බන්ධව ගත යුතු ක්‍රියා මාර්ග හා යෝග්‍ය ආහාර පුරුදු පිළිබඳව මෙම පොත මගින් පාඨකයා දැනුවත් කෙරේ. අපි අවධාරනයෙන් හා තරයේම ප්‍රකාශ කර සිටින්නේ මෙම පොත ලබා දුන් තොරතුරු වෛද්‍ය උපදෙස් නොවන බවත් මෙය හුදෙක් රෝගය පිළිබඳ අධ්‍යාපනයක් සහ දැනුවත් කිරීමක් පමණක් බවත්ය.වෛද්‍යවරයාගේ උපදෙස් වලින් තොරව, පොත කියවීමෙන් පමණක් තමන් විසින් ඹෟෂධ හෝ ආහාරයෙහි වෙනස්කම්‍ ඇති කිරීම අනතුරුදායක විය හැකි අතර, එය වඩාත් නිශ්චිතවම මෙම පොතෙහි නිර්දේශ කර ඇත.

මෙම වකුගඩු උපදේශනය ප්‍රයෝජනවත් වන්නේ වකුගඩු රෝගීන් සහ ඔවුන්ගේ පවුලේ අයට පමණක් නොව, වකුගඩු රෝගය වැළඳීමේ අවදානමින් පසු වෙන අයටත් වැදගත් වේ. එමෙන්ම, මෙම ප්‍රකාශනය ඒ සම්බන්ධ නව දැනුම සොයා යන, අයට ද අධ්‍යාපනීක වශයෙන් වැදගත් වේ. වෛද්‍ය ශිෂ්‍ය , වෛද්‍යවරුන් හා අතුරු වෛද්‍ය නිලධාරීන් ආදී බොහොමයක් පිරිසට මෙම ග්‍රන්ථය අත්පොතක් වැනිය.

මෙම වකුගඩු ග්‍රන්ථය කියවීමට පහසු සහ ඉතා පැහැදිලි ලෙස වටහා ගැනීමට සිංහල භාෂාවට පරිවර්තනය කිරීම සඳහා සම්බන්ධීකරණයෙන් සහය දුන් ඇගතා මහේන්ද්‍රරාජා මහත්මියට අපි ස්තුතිවන්ත වෙමු. එමෙන්ම මෙම ග්‍රන්ථය සිංහළ භාෂාවට පරිවර්තනය කිරීමට සහය දුන් යූ.එච්‍.එල් වීරකෝන් මහතාට සහ එම මහත්මියටද, මෙම ග්‍රන්ථය පරිඝණක ගත කීරීමට සහය දුන් ශෙහානි ඩි සොයිසා මෙනවියටද අපගේ ස්තුතිය පුද කර සිටිමු.

අපගේ විශ්වාසය මෙම පොත පාඨකයාට ඉමහත් ලෙස ප්‍රයෝජනවත් වනු ඇති බවත් එමගින් එම විෂය සම්බන්ධ වැදගත් තොරතුරු රැසක් ඔවුනට ලැබෙනු ඇති බවත්ය. මෙම පොත කියවා බලා, එය තව දුරටත් වැඩි දියුණු කිරීම සඳහා එහි ඇති විෂය කරුණු පිලිබදව තම අදහස් හා යෝජනා අප වෙත ලබාදෙන මෙන් ඉල්ලා සිටිමු.

ඔබට නිදුක් නිරෝගී සුවය හිමි වේවායි පතමු.

වෛද්‍ය සුජිත් සෝමයියා වෛද්‍ය සන්ජේ පාන්ඩියා
කොළඹ, ශ්‍රී ලංකාව රජ්කොත්, ඉන්දියාව

වෛද්‍ය සන්ජේ පාන්ඩියා M.D. D.N.B. (වෘක්කවේදී), වෘක්කවේද විශේෂඥ

වෛද්‍ය සන්ජේ පාන්ඩියා ජ්‍යෙෂ්‍ඨ වෘක්කවේද විශේෂඥ වෛද්‍යවරයකු ලෙස රජ්කොත්හි (ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ) කටයුතු කරනු ලබයි. එතුමා තම M.D. (අභ්‍යාන්තර ඖෂධ) වෛද්‍ය උපාධිය හදාරන්නේ 1986 වසරේ ගුජරාටියේ ජම්නගර්හි පිහිටි එම්. පී. ෂා වෛද්‍ය විද්‍යාලයෙනි. ඉන් අනතුරුව 1989 වසරේ අහමදාබාද්හි පිහිටි වකුගඩු රෝග පර්යේෂණ මධ්‍යස්ථානයෙන් ඩී. එන්. බී. වෘක්කවේදී උපාධිය ලබන එතුමා 1990 වසරේ සිට වෘක්කවේදී විශේෂඥ වෛද්‍යවරයකු ලෙස ඉන්දියාවේ රජ්කොත් (ගුජරාටි ප්‍රාන්තය) හි කටයුතු කරනු ලබයි.

වෛද්‍ය පාන්ඩියා වකුගඩු රෝග අධ්‍යාපනයේ පුරෝගාමී මෙහෙයක් සිදුකරයි. රෝගීන් හට ඉංග්‍රීසි, හින්දි, ගුජරාටි හා කුට්චී බසින් ලියා පලකල “වකුගඩු පොත” නමැති ග්‍රන්ථයේ කර්තෘ ඔහුය. “වකුගඩු අධ්‍යාපන පදනම” පිහිටුවාලමින් වකුගඩු සුරැකීමට දැනුවත් භාවය ඇතිකෙරෙන වැඩසටහන් රැසක් පවත්වාගෙන යමින් වකුගඩු ආබාධ වැළැක්වීමට හා පාලනයට සුවිසල් කාර්යභාරයක් සිදුකරයි.

ලෝකයේ විවිධ ප්‍රදේශ වලින් කැපවූ වෘක්කවේදී වෛද්‍ය කණ්ඩායමකගේද සහාය ඇතිව, වකුගඩු රෝගීන් සඳහා අධ්‍යාපනීක පොත් භාෂා 20 කට වැඩි ප්‍රමාණයක් සකස් කර ඇත.

ලෝකයේ විවිධ රටවල ජනතාව හා වකුගඩු රෝගීන් උපරිම සංඛ්යාවකට උදව් කිරීම පිණිස, www.KidneyEducation.com වෙබ් අඩවිය වෛද්‍ය පාන්ඩියා සහ ඔහුගේ කණ්ඩායම විසින් ආරම්භ කර ඇත. මෙම වෙබ් අඩවියෙන් පිටු 305 කින් සමන්විත වකුගඩු පොත, භාෂා 20 කට වඩා වැඩි ප්‍රමාණයකින් නොමිලේ බාගත හැක. මෙම වකුගඩු වෙබ් අඩවිය ඉතා ජනප්‍රිය වන අතර, මුල් මාස 60 තුළ වැදුම් මිලියන 21 කට වඩා වැඩි ප්‍රමාණයක් ලබාගෙන ඇත.

වෛද්‍ය සුර්ජිත් සෝමයියා M.B.B.S, D.N.B.E (Med), D.N.B.E (Neph)

වෛද්‍ය සුජිත් සෝමයියා 1987 දී ඉන්දියාවේ, බැංගලෝර් විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය හදාරා ඇත. ඉන් අනතුරුව 1993 දී බැංගලෝර්හි ශාන්ත ජෝන් වෛද්‍ය විද්‍යාලයෙන් විශේෂඥ වෛද්‍ය වරයෙකු (සාමාන්‍ය වෛද්‍ය) ලෙස සහ 1998 දී චෙන්නායිහි ඇපලෝ රෝහල් වෙතින් වෘක්කවේදී විශේෂඥ දැනුම ලබා ඇත. මෙම සථාන දෙකම නව දිල්ලියේ ජාතික මණ්ඩලයේ මාණ්ඩලීක සහතික ලබා ඇත.

වෛද්‍ය සෝමයියා තිරුපතිහි ශ්‍රී වෙන්කටේශ්වර වෛද්‍ය විද්‍යායතනයේ වෘක්කවේදය පිළිබඳ රෙජිස්ටාර් ලෙස සහ චෙන්නායිහි ඇපලෝ රෝහල්හි නේවාසික වෘක්කවේදියෙකු ලෙස සේවය කර ඇත. ඔහු 2002 වසර දක්වා ශාන්ත ජෝන් වෛද්‍ය විද්‍යාල සහ රෝහල්හි වෘක්කවේදය පිළිබඳ කථිකාචාර්යවරයෙකු ලෙස හා සහකාර මහාචාර්යවරයෙකු ලෙසද සේවය කර ඇත.

වෛද්‍ය සෝමයියා කොළඹ ඇපලෝ (ලංකා) රෝහලේ දශකයකට වැඩි කාලයක් වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ උපදේශක වශයෙන් කටයුතු කරයි. ඔහු වෘක්කවේද හා වකුගඩු බද්ධ කිරීමේ සමිති සමාගම් කිහිපයකම සාමාජිකයෙකි. ශ්‍රීලංකාවේ රෝගීන් සඳහා වකුගඩු රෝග පිළිබඳ විස්තරාත්මක පොතක් අවශ්‍යය බව ඔහු මැනවින් දැන ගත්තේ "ලංකා හොස්පිටල්ස්" හි රෝගීන් සමඟ අන‍්නෝන්‍ය සම්බන්ධතාවයකින් ක්‍රියා කිරීමේ ප්‍රථිපලයක් වශයෙනි.

ඔහු පුහුණුව ලබා ඇත්තේ ලොකප්‍රකට ගුරුවරුන් වන ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් DCහි පිහිටි ජෝර්ජ් වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ වකුගඩු රෝග දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන වෛද්‍ය ඩොමිනික් සවියෝ රාජ් සහ චෙන්නායිහි පිහිටි ඇපලෝ රෝහලේ වකුගඩු රෝග විශේෂඥ විශ්‍රාමික වෛද්‍ය එම්.කේ. මානි යන වෛද්‍ය වරුන්ගෙන්ය.

පටුන

කොටස 1 : වකුගඩු පිලිබඳ මූලික තොරතුරු

පරිච්ඡේදය 1හැදින්වීම2
පරිච්ඡේදය 2වකුගඩුව හා එහි ක්‍රියාකාරීත්වය5
පරිච්ඡේදය 3වකුගඩු ආබාධයක රෝග ලක්ෂණ14
පරිච්ඡේදය 4වකුගඩු ආබාධයක රෝග නිර්ණය17
පරිච්ඡේදය 5ප්‍රධාන වකුගඩු රෝගාබාධ28
පරිච්ඡේදය 6වකුගඩු ආබාධ සම්බන්ධ පවතින සත්‍ය හා දුර්මත36
පරිච්ඡේදය 7වකුගඩු ආබාධ වලක්වා ගැනීම42

කොටස 2 : ප්‍රධාන වකුගඩු රෝගාබාධ හා ප්‍රතිකාර

වකුගඩු අක්‍රීයවීම

පරිච්ඡේදය 8 වකුගඩු අක්‍රියවීම යනු ?52
පරිච්ඡේදය 9 තීව‍්‍ර වකුගඩු අක්‍රියවීම54
පරිච්ඡේදය 10නිධන්ගත වකුගඩු අක්‍රියවීම-හේතු61
පරිච්ඡේදය 11නිධන්ගත වකුගඩු අක්‍රියවීම- රෝග ලක්ෂණ හා රෝග විනිශ්චය64
පරිච්ඡේදය 12නිධන්ගත වකුගඩු අක්‍රියවීම - ප්‍රතිකාර74
පරිච්ඡේදය 13වෘක්ක කාන්දුපෙරණය87
පරිච්ඡේදය 14වකුගඩු බද්ධකිරීම117

වෙනත් ප්‍රධාන වකුගඩු රෝගාබාධ

පරිච්ඡේදය 15දියවැඩියා වකුගඩු ආබාධය 145
පරිච්ඡේදය 16බහු මාත්‍රික වකුගඩු ආබාධය160
පරිච්ඡේදය 17එක් වකුගඩුවකින් ජීවත්වීම168
පරිච්ඡේදය 18මුත්‍රා මාර්ගික ආසාදනය173
පරිච්ඡේදය 19ගල් හටගැනීම184
පරිච්ඡේදය 20අඛර පුරස්ථිත අතිප්ලාස්මීයතාව (BPH)206
පරිච්ඡේදය 21වකුගඩු හා ඖෂධ227
පරිච්ඡේදය 22නෙෆ්රෝසියාව235
පරිච්ඡේදය 23දරුවන්ගේ මුත්‍රා මාර්ගික ආසාදනය255
පරිච්ඡේදය 24නින්දෙහි මුත්‍රා කිරීම273

ආහාර ආශ්‍රිත වකුගඩු ආබාධය

පරිච්ඡේදය 25ආහාර ආශ්‍රිත නිධන්ගත වකුගඩු අක්‍රියවීම281
වචනාවලිය306
කෙටි යෙදුම්317
වකුගඩු රෝගීන් සිදුකරන පොදු රුධිර පරීක්ෂණ320
දර්ශකය323

මෙම ග්‍රන්ථය පරිශීලනය කලයුතු අයුරු

මෙම පොත කොටස් දෙකකි

කොටස 1:
වකුගඩු වැදගත්කම හා වකුගඩු ආබාධ වළක්වා ගැනීම සඳහා දනුවත් භාවය ලබාදීම මෙම කොටසින් සිදුවේ. සෑම පුද්ගලයෙකුටම පොතේ මෙම කොටස කියවීමට උපදෙස් දෙනු ලැබේ. මෙම පොතෙහි දී ඇති තොරතුරු නිසා සෑහෙන වෙනසක් කරන්නට පුළුවන් වී තිබෙන්නේ එය වකුගඩු රෝග කල්තියා හඳුනා ගැනීම හා රෝග නිවාරණය සඳහා ඹ්නෑම ගිහි පුද්ගලයෙකුට වුවද සූදානමින් සිටීමට හැකිවන නිසාය.

කොටස 2:
ඹ්නෑම කෙනෙකුට තමන්ගේ කුතුහලය සහ අවශ්‍යතාවය අනුව මෙම කොටස කියවීමට පුළුවන.

  • මෙහිදී ප්‍රධාන වකුගඩු රෝගාබාධ පිළිබද තොරතුරු සහ එහි රෝග ලක්ෂණ, රෝග විනිශ්චය, වළක්වා ගැනීම හා ප්‍රතිකාර ක්‍රම සාකච්චා කෙරේ.
  • වකුගඩු ලෙඩ කරන රෝග ආබාධ (උදා: දියවැඩියාව, අධිරුධිර පීඩනය, පොලිසිස්ටික් වකුගඩු ආබාධය ආදිය ) සහ එය වලක්වා ගැනීමට ගතයුතු පියවර හා වෙනත් වැදගත් තොරතුරැ රැසක් ගෙන එයි.

නිධන්ගත වකුගඩු රෝගය ඇති රෝගීන්ට නිර්දේශිත ආහාර සවිස්තරව සාකච්චා කර ඇත.